Iii
Iii
මිනිසකු සතුව පවතින තුන් විය අතර
එක් වියකදී වත්පව් කළයුතු නතර
තුන් විය තුළදීම පව් කළහොත් මෙම නිතර
දුක් කරදර නොයෙක් පීඩා වෙයි සසර

තමන් හිසට තම අතමය සෙවනැල්ල
අනුන් බලා සිටියොත් වේ වැනසිල්ල
කළ හොත් මනා කොට සය ඉඳුරන් මෙල්ල
ලැබ ගත හැකිය ලොව්තුරු අම සැනසිල්ල

සිව් සස් දහම් දැන පිරිසිදු සිල් රකින
තම සේව නිසි පරිදිම ඉටු කරන
සංවර ගතිය පිරිපුන් දනමන වඩන
"මහණම” තමයි කවදත් මහජන සරණ